පුට්ටුවයි සාම්බාරුයි . . .
ඉරාජ්ගේ කොත්තු සින්දුව
මට කොත්තුත් ඕනෙ ,මට ලයිමුත් ඕනෙ
සම්බෝල ටිකක් උඩින් දාල ,චීස් ටිකක් වැඩියෙන් දාල
ටකට ටකට ටකස් ගාල,ගේන්න මල්ලි දැන්.........
යාපනයේ ව්ශ්ව විද්‍යාලයේ ඉගෙනගන්න අයට කොත්තුවට තිත තියලා පුට්ටුවලට (පිට්ටුවලට) සෙට් වෙන්න උනා.
ඒ ඉතින් අපේ අහාර රටාව යාපනයේදි වෙනස් උන නිසා.
කොන්ඩාවි හොස්ටල් හිටපු පලවෙනේ අවුරුද්දේ මෙඩිසින්, ලෝ, මැනේජ්මන්ට්, සම සෞඛ්‍යය පීඨයේ අපේ අය දන්නවා "අම්මාච්ච්" පුට්ටුවයි සාම්බාරු.......නෑ නෑ....... කුලම්බුවේ(හොදි/ gravy) රස.
ඉතින් පිට්ටු ගැන කියන්න හිතුනේ ලගදි දැක්ක යාපනයේ
පුට්ටු සින්දුව(puddu song/Thesiya unavu/புட்டு பாடல்/தேசிய உணவு/யாழ்ப்பாணம்)නිසා.
හදිසියේම පිට්ටු එහෙම නැත්නම් පුට්ටු කරලියට ආවේ ගිය නොවැම්බර් මාසේ යාපනයේ උසාවියෙන් පුට්ටු-පීට්සා ගැටුම එක්ක.(Jaffna Court hots up over pizza puttu battle !!!)ඒ ගැන කතා කරන්න අමාරුයි.
සර්ච් කරලා බලන්න ගූගල් එකේ.
ඒ යාපනයේ එදා මෙදා තොර එකම ෆේවරිට් එක "පුට්ටු"(අපේ සිංහල විදිහට නම් ඒ තමා පිට්ටු )
පුට්ටු යාපනයේ උදේ ආහාරය සහ රාත්‍රී ආහාරය යන දෙකටම ජනප්‍රිය ආහාරයක්.
සාම්ප්‍රදායික උණ බම්බු වල තැම්බන්නේ.තරමක් දිග උණ බම්බුවක්.විෂ්කම්භය අඟල් තුනක් විතර.
ඒක කපු රෙද්දකින් ඔතලා ඇතුළත රවුම් සිදුරු සහිත පොල් කටුවක් දාල හදලා තියෙන්නේ.
බම්බුව තියන්නේ උතුරන වතුර භාජනයක් මත.
ඔඩියල් (වියලූ තල් මුල් පිටි) භාවිතයෙන් පිසින ලද සාමාන්‍ය පුට්ටු, නිවිති භාවිතයෙන් පිසින කීරා පුට්ටු.
වර්ග ගොඩක් තියනවා.
යාපනේ යන්නම ඕනේ ඒවා කන්න.
තල් ගසේ සෑම කොටසක්ම දෙමළ ජනයාට සේවය කරනවා.
පංකා හැඩැති කොළ ඔටුන්නේ ඉදලා මුල් දක්වා යාපනය දෙමල ජනයාට සුවිශේෂී.
යාල්_දිනපොත
විදුනි බස්නායක
පුට්ටු, ඉඩි අප්පම්, ඉඩ්ලි මාත් ඇදල අරිනවා. මේ නගරෙ දාලා යන්න බැරි, ඔය කෑම නිසාම තමයි.
ReplyDeleteනොදුටු යාපනය ගැන මෙහෙම හරි දකින්න, කියවන්න ලැබීම සතුටක්. ස්තූතියි. ආයෙ එන්නම්. දිගටම ලියන්න.
ඔව් මමයි සඳරුසී අක්කයි (yapanepemwathi.blogspot.com) දෙන්නාඅපේ සිංහල කියවන සහෘදයින් හට යාපනයත් එහි සංස්කෘථියත් ලං කරණ්නට ගන්නා වෑයමක්
Deleteමේ!
කෝවිඩ් එන්න ඉස්සෙල්ලා ගිය අවසාන ට්‍රිප් එය මන්නාරම හා ය්සපනේ. හුගක් ආස හිතෙන ගමනක්. යාපන අර්ධද්වීපයේ වෙරලෙන් 3/4 දිගේ ඩ්‍රයිව් එක සහ දූපත් 5 ක් (සමහර ඒවා කෝස්වේඑකකින් අනිත් ඒවා මුහුදෙන්)කවර් කලා. මුලු ගමන 1200 + කිමී. ආයත් යන්න ආසම ගමනක්
ReplyDeleteඔබතුමා ආයෙමත් යාපනේ ආ දවසක හමුවන්නම්!
Deleteඉස්සර ඉගෙන ගන්න කාලෙ සල්ලි නැති නිසා, බඩපිරෙන්න කන්න යන්නෙ සයිවර් කඩේට. එච්චර රහයි කියන්න බෑ, ඒත් බඩ පිරෙන්නෙ දෙනවා, ගාණ බොහොම සාධාරණයි. හොදි ගෙන්නෙ බාල්දියේ, බෙදනව බෙදිල්ලක් තෝසෙ පීනනවා.
ReplyDeleteදවසක් ගියා, දමිල යාලුවෙක්ගෙ ගෙදර. කෑමට ඉඳලා යන්න කිව්වාම, මට සයිවර් කඩේ මතක් වුනා.මට, කරවල කෑල්ලකවත් කුයිල රහ නැතුව කන්න අමාරුයි. එයාල, දමිල කුලවත්තු, උම්බලකඩවත් කන්නෙ නෑ.
යාලුවගෙ අම්මා හදලා දුන්න තෝසෙයි, වම්බටු බොර හොද්දයි. හප්පේ එහෙම රහක්, දිවිය ලෝක රහයි. කඩේ කෑමයි, ගෙදර කෑමයි සෑහෙන්න වෙනස්. එයාලගෙ සම්බෝලෙට දාන්නෙ, මිරිස් ගාණට කබලෙ බැදලා නිසා ඒකත් අමුතුම රසක්.
මේ ලිපියත් ඒ කෑම වගේම රහයි. මට දැන් බඩගිනියි.ආයෙ එන්නම්.🙏👌🦉😊
බොහොමත්ම ස්තූතියි! මා නවකයෙක් බ්ලොග් ලෝකයට!
Deleteනවක වුනාට මොකෑ, මෙහෙම රහට ලියනවා නං?
Deleteකියන්න කිසිම අඩුවක් පේන්න නෑ. උඩ තියෙන පිංතූරෙ දැක්කාමත්, බඩගිනි වෙනවා. පෝස්ට් එකේ ෆෝමැට් එකත් හොඳයි, කියවන්න පහසුයි. දිගටම ලියන්න, අපි එන්නම් කියවන්න.😊
පට්ට... බඩගිනි වගේ දැං නං 😂😂😂
ReplyDeleteෆලෝ කලාට පෙන්නන්නෑ. මොකද්ද දන්නෑ අවුල. ටිකක් ඔබල කරල බලන්ට. පාර කිව්ව තට්ස්ටයි ටොමීටයි පිං
දැන් හරි ඇති අයියේ බලන්න! ටොමී නම් දන්නවා? තට්ස් කිව්වේ?
Deleteහෑ, තට්ස් දැන්නෙ නෑ කිව්වා?
Deletehttp://thattayagekolama.blogspot.com/2021/10/219.html
අලුත් බ්ලොග් ප්රචාරක කටයුතු එහෙම කරන්නෙත්, එයා තමයි.😊
"සිතුවිලි" සිංඩියේ(https://sithuvili.net) රෙජිස්ටර් වෙන්න. ඇඩ්මින් කියනවා, අලුත් අයව, ඇඩ් කරගන්නවා කියලා. දවසක්, දෙකක් යාවි, ඒත් එයා විතරමයි, ප්‍රතිචාර දක්වපු එකම සිංඩි ඇඩ්මින්.🤔
ReplyDeletehttps://balunakuta.blogspot.com/2021/10/blog-post_18.html?showComment=1634791830508#c4212547307108510237
අගේ ඇති පෝස්ට් එකක්. (කෑමක්)
ReplyDeleteතවම යාපනේ යන්න බැරි උනානෙ.
යාපනෙත් ගියා මං තුන් හතර වරක්
ReplyDeleteඑහේ කෑම රහ බැලුවා නැතිව නිමක්
එව්වා මතක් වෙද්දීත් හිතෙනවා දුකක්
ලියලා තියෙනවා දැක හිතුණා සතුටක්
මානව දයාවේ වැසි වස්සවන්නට
පුළුවන් හැඟුම්බර නිර්මාණයන්හට
විදුනිට තව-තවත් දේවල් ලියන්නට
හැකි වේවා! අපිව යාපනෙ ගෙනියන්ට!